May_ 10_, 2026_ Post_
අද පන්සල් ගියා. කලකිරිලා නෙමේ, මං වැඩිය පන්සල් යන්නේ නෑ. යන යට මුකුත් කියන්නේ නෑ. එත් ඉතින්, ඔයාලට වගේ නෙමේ අපිට ජීවිතේ වගකීම් වැඩි නේ. ඔයාලට හොද කෙනෙක් හම්බ උනොත් ගොඩක් දේවල් ලැබෙනවා නේ. ඒ දේවල කවදාහරි අපිට ලැබෙන කෙනාට දෙන්න අපි මහන්සි වෙන්න ඕනේ නේ. නැත්නම් ඔයාලත් දුකින්, දෙන්න බැරි වුනොත් අපිත් දුකින්. ඒක නිසා. තාත්තගේ දානවලට තමා පන්සල් යන්නේ ගොඩක් වෙලාවට.
මං විස්වාස කරන දේ තමා පිං කෙරුවොත් පිං ලැබෙයි, සල්ලි හෙව්වොත් සල්ලි ලැබෙයි. පිං කලාට සල්ලි ලැබෙන්නේ නෑ. නෝනයි ළමයයි දාල ගහිල්ල හරි නිර්වාණය හෙවොත් නිර්වාණය ලැබෙයි. ආදරය හෙව්වොත් ආදරය ලැබෙයි. අනේ මන්ද, ඕක මට හිතුනේ මුස්ලිම් යාලුවෙක් ඇහුව,ඔයාලගේ ආගමේ පිං කලාම සල්ලි හම්බවෙනවා නම්, කුකුල් ෆර්ම් එකේ මුදලාලී ට කොහොමද සල්ලි තියෙන්නේ කියල 😇
පන්සල් ගියේ අදුනන හාමුදුරු කෙනෙක්. ඉන්නේ මෙහෙ හාමුදුරුවන්ගේ හොස්ටල් වල. යන්න කලින් හම්බ වෙන්න ඕනේ කියල කිව්වා. ඉරිදට එලියට යන්නේ නෑ (සතියේ එකම දවස ගෙදර ඉන්න දවස). එත් ගියා. පස්සේ campus_ එක පැත්තේ යමු කිව්ව, ගියා. අද ඉරිදා වුණාට හොස්ටල් වල ඉන්න කට්ටිය බඩු pack_ කරනවා, යන්න.
campus_ එකේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ඉන්න තැනකට එක්කං ගියා, මුලින් නම් මාව ගණන් ගත්තේ නෑ, පස්සේ කථාවට වැටුනට පස්සේ ප්රශ්ණ වලට දිව ගිලෙනකම් උත්තර දීලා ඉවරයක් නැතුව ගියා.
2026/05/07 (මාරම කපල්) post_ එකේ video_ එක insta_ දැම්ම ඊයේ 😁. 24_ hours_ වගේ ගියේ 3,098 (still count) බලල with_ viewers reactions. ♡ react ⌲ share 🗨 comments ⛉ save එක්ක. ඒවා මන් දන්නේ වත් නැති මිනිසුන්ගෙන් ලැබුන එක මන් මේ කල්පනා කරන්නේ. දන්න මිනිසුන්ගෙන් (නොදා බැරිකමට දාන) ලැබෙන react_ වලට වඩා, අපි අපිවම ටෙස්ට් කරගන්න පුළුවන් නොදන්න මිනිසුන්ගෙන් ලැබෙන අවංක react_ වලින්. දැන්නම් ඊට වැඩි. ඔය තියෙන්නේ දැන් තත්වේ.
