අද පන්සල් ගියා. කලකිරිලා නෙමේ, මං වැඩිය පන්සල් යන්නේ නෑ. යන අයට මුකුත් කියන්නේ නෑ. බුද්ධාගම අදහනවා, එත් පන්සල් යන බුද්ධාගම නෙමේ. Spirituality දේවල් නෑ. මං හිතන්නේ අපේ generations_ එකේ ගොඩක් අය පරණ මිනිස්සු වගේ esoteric දේවල් පස්සේ යන්නේ නෑ.
පන්සල් යන්න වෙලාවකුත් නෑ, ඔයාලට වගේ නෙමේ අපිට ජීවිතේ වගකීම් වැඩි නේ. ඔයාලට හොද කෙනෙක් හම්බ උනොත් ගොඩක් දේවල් ලැබෙනවා නේ. ඒ දේවල කවදාහරි අපිට ලැබෙන කෙනාට දෙන්න අපි මහන්සි වෙන්න ඕනේ නේ. නැත්නම් ඔයාලත් දුකින්, දෙන්න බැරි වුනොත් අපිත් දුකින්. ඒක නිසා. තාත්තගේ දානවලට තමා පන්සල් යන්නේ ගොඩක් වෙලාවට.
මං විස්වාස කරන දේ තමා පිං කෙරුවොත් පිං ලැබෙයි, සල්ලි හෙව්වොත් සල්ලි ලැබෙයි. පිං කලාට සල්ලි ලැබෙන්නේ නෑ. බුදු හාමුදුරුවෝ වගේ, නෝනයි ළමයයි දාල ගහිල්ල හරි නිර්වාණය හෙවොත් නිර්වාණය ලැබෙයි. ආදරය හෙව්වොත් ආදරය ලැබෙයි. අනේ මන්ද, ඕක මට හිතුනේ මුස්ලිම් යාලුවෙක් ඇහුව,ඔයාලගේ ආගමේ පිං කලාම සල්ලි හම්බවෙනවා නම්, කුකුල් ෆර්ම් එකේ මුදලාලී ට කොහොමද සල්ලි තියෙන්නේ කියල 😇
පන්සල් ගියේ අදුනන හාමුදුරු කෙනෙක්. ඉන්නේ මෙහෙ හාමුදුරුවන්ගේ (කැලණිය) හොස්ටල් වල. යන්න කලින් හම්බ වෙන්න ඕනේ කියල කිව්වා. ඉරිදට එලියට යන්නේ නෑ (සතියේ එකම දවස ගෙදර ඉන්න දවස). එත් ගියා. පස්සේ campus_ එක පැත්තේ යමු කිව්ව, ගියා. අද ඉරිදා වුණාට හොස්ටල් වල ඉන්න කට්ටිය බඩු pack_ කරනවා, යන්න.
campus_ එකේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ඉන්න තැනකට එක්කං ගියා, මුලින් නම් මාව ගණන් ගත්තේ නෑ, පස්සේ කථාවට වැටුනට පස්සේ ප්‍රශ්ණ වලට දිව ගිලෙනකම් උත්තර දීලා ඉවරයක් නැතුව ගියා. එකයි ඇවිල්ල ඔහෙන් බීම බෝතලයක් අරන් ගියේ. වතුර බිව්වට තිබහ ගියේ නෑ.
ඔයා මොකක් හරි හේතුවක් නිසා ඔතන ජොබ් එකට ඇවිල්ල තියනවා නේ. ඒගොල්ලෝ එක්ක කතා කලාම මට තේරුනේ, ඒගොල්ලෝ ජොබ් වලට යන්න බයයි, තමන් perfect_ මදි වගේ හැගීමක් තියනවා. Reject_ වෙනවට බයයි. තමන් අවුරුදු ගානක් ඉගන ගත්තට මන් යන්න ඕනේ මේ දේ specify_ කරගන, apply_ කරන්න ඕනේ මොන වගේ scope_ එකක්තියන ජොබ් එකකට ද කියල තේරුමක් නෑ කියල තම මට නම් තේරුනේ.