Vinoli_

මැණික…

මං ඔයාව වාහනේ හරවනකොට දැක්කේ නෑ (හරවනකොට වාහන එනවා ද කියල side_ mirror_ එකෙන් බලපු නිසා). හරවල පාස් වෙනකොටම වගේ දැක්කේ. හොද වෙලාවට ATM_ එක ගලවන් ගිහිල්ල තිබ්බේ. නැත්නම් ඔතනට ඇවිල්ල කථා කරන්න දෙයකුත් නැතුව යනවා.

ඒ අස්සේ car_ radio_ එකේ, මැණික ඇහෙනවද මේ, අහගෙන ඉන්නවද මගේ ♫ ♫ ♫ සිංදුව යනවා (ඔයාට ඇහුනද car_ shutter_ එක පාත් කලාම?) තව පොඩ්ඩෙන් ඒ සිහියෙන් ඔයාට “මැණික” 🫣 කියල කතා කෙරෙනවා. මට වෙන්නේ ඕවගේ දේවල් තමා 🤭

එදා දැක්කනේ (22. බදාදා), අපිට හොර වැඩ කරන්න බෑ. එහා counter_ එකේ බඩු ඉවර වේගන යන නිසා තමා බඩු ටික දානකම් පොඩ්ඩක් එහාට වෙලා හිටියේ. නැත්නම් එකට කතා කරන නිසා. මං ඒ uncle_ ට ඉස්සර වෙලා යන්න හැදුවේ, පරක්කු වෙන නිසා නෙවේ, තව 5ක් හිටියත් මං යන්න දෙනවා. ආපහු බඩු ඉවරවෙලා අපහු එහා counter_ එකෙන් කථා කරයි කියල. මගෙනේ වරද, ඉතින් ඒවගේ සුන්දර වැරදි වලට එන feedback_ වලට හිනා යනවා.

අපේ සබදකම් නෑ uncle_ දන්නේ ♫ ♫ ♫ 👴

ආ… කියන්න බැරිවුණා නේ… එදා ඔයාලගේ bill_ එක වෙනස් කරන්න ආපු supervisor ට මොනවා හරි තේරුනාද දන්නේ නෑ මාත් එක්ක අමුතු විදියට හිනා වුණා 🤔

Scroll to Top